Pages

Thursday, August 23, 2012

අවංක කෙල්ලෙක්......

මේක  මේ මමසාමාන්‍ය පෙළ ලියන දවස්වල වුන පොඩිසිද්දියක්,ඔය ඉතින් ඒ කාලේ අපි දකින දකින කෙල්ලට  ආදරේ කරපු කාලයක් නේ (දැන් නම් එහෙම නැහැ හොදේ  ),ඒ කාලේ ඉතින් මමත් පොඩි කෙලි පැටික්කියෙක් එක්ක ආදර පලහිලව්වක් තිබ්බ(එක්කෙනෙක් එක්ක විතරයි හොදේ  ),ඔන්න ඒ කෙලි පැටික්කි දවසක් මගේ පොතක් ගෙනිහින් තිබිල ඒක  මට ආපහු ගෙනත් දීල  කිව්ව අයියේ අපි අපේ සම්බන්දෙ  නවත්වමු ඔයා වගේ කෙනෙක් මට හරියන්නේ නැහැ කියලා ,මම ෆුල් හොල්මන් මොකෝ මේ වුනේ කියල ,එත් මම ඒ වගක් ඇගෙව්වේ නැහැ මමත් ඉතින් ඔයාගේ කැමැත්තක් එහෙනම් කියල කිව්ව. (මොකෝ කෙල්ලෝ නැතුවය මේ ලංකාවේ)එත් මට පොඩි ප්‍රශ්නයක්  මොකද එයා එහෙම කිව්වේ කියල.පස්සේ පොත පෙරලලා බලද්දී තමයි මට කාරණාව වැටහුණේ ,මොකද මම ඒ  පොත වෙන කෙල්ලෙකුට දුන්න කලින් දවසේ,ඒ කෙල්ල  පොතේ පිටුවක මෙන්න මෙහෙම  ලියල තිබිලා.මෙයා මේ ඒක දැකලා බෝ පැලයක් වගේ ඉන්න මාව සැක කරන්,අදටත් ඒ  පොත මන් ලග තියනවා,හැබැයි දැන් අර  මාව හරියන්නේ නැහැ කිව්ව කෙල්ල පලවෙනි කසාද මනුස්සය තනිකරලා දාල වෙන කෙනෙක් එක්ක ගිහිල්ලා .ඒ තරම් අවංක කෙලි පොඩ්ඩ ,,,,,,,,

ආ ගිය ගමන් සිහිවනවිට මතක පොතින් 
ද   හසක් දසුන් රගදෙනවා බිදුණු සිතින්
ර  ල හා වෙරළ විලසින් මහා සයුර තුළින්
ය  ටගිය දිනක ඔබ මා හැර ගියා හදින්

සැ ම මොහොතෙදීම දිවුරා ඔබ මගේ කීවා
ම  සිතේ අගුළු ඔබ වෙනුවෙන් හැර කීවා
දා  වල රැය උදේ සිතමින් කල් ගෙව්වා
ම  සිතට හොරා ඔබ වෙන කෙනෙකුව සෙව්වා

ක  ල් ගතවෙලා ඔබ ගැන තතු වැටහෙද්දී
දු    න්නෙමි පහදලා තහනම් ගෙඩි කද්දී 
ල   න්වී සිටිය හැටි අමතක කරලද්දී 
කි  සිදින නොසිතු ලෙස මුලකුරු බලාහිදී


මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු  ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන..

No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget