Pages

Monday, August 27, 2012

මගේ සිත මා හා තරහා වෙලා ........

ඉරබටු තරුවට පෙම් කළ හින්දම 
පුරහඳ මා හා තරහ වෙලා 
රහසේ නුඹ හට පෙම් කළ හින්දම 
නුබේ සිත මා හා තරහ වෙලා

සිතට හොරා මා පෙම් කළ හින්දම 
මගේ සිත මා හා තරහා වෙලා 
මටත් හොරා නුඹ වෙන්වුණු හින්දම 
කදුළැලි මා හා තරහ වෙලා 

නුඹ ගැන මතකය වද  දෙන හින්දම
අවිහිංසක සිත ගිලන් වෙලා
ඇස උණු කදුළින් තෙත් වෙණ හින්දම 
කදුළට නුඹ ගැන මතක්වෙලා 

හිමි නැති නුඹ ගැන දුක වැඩි හින්දම 
නුඹ ගැන මතකය අලුත් වෙලා
හිතට  හොරා මම පෙම් කළ හින්දම 
මගේ සිත මා හා තරහා වෙලා .........







No comments:

Post a Comment

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget