Pages

Friday, August 31, 2012

......ගණිකාව .......(කෙටි කථාව ) 1 කොටස


             හැමදාම ආදරේ විරහව ගැනම අහල ඔයාලාට නිකන් එපාවෙලා නේද ඉන්නේ,අද මට හිතුණා මේ ආදරේ ගැන හැමදාම බලන පැත්තකට වඩා මානුෂිය පැත්තකින් දකින්න පුළුවන් දෙයක් ගැන ලියන්න,ඔයාලම හිතන්න මොහොතක් මම මේ ගැන විස්තර කරන්න යන්නේ නැහැ ඔයාලම මේක කියවල බලල ,මොහොතක් සිතන්න හදවතින්ම කව්ද මෙතන වැරදි කරු කියා ............

     තරුණියක් එක්තරා තරුණයකු සමග ආදර සම්බන්දයක් ඇතිකර ගන්නා අතර  ඔවුන් දෙදෙනා ආදරයේ උපරිම ආශ්වාදය විදිමින්  ජිවිතයේ නොයෙක් කඩ ඉම් පසු කරමින් ජිවත් වුවේය ,එම තරුණිය තමන්ගේ ප්‍රේම වන්තයා තමන්ගේ ජීවිතයටත්  වඩා බොහොම තදින්  විශ්වාස කෙරුවාය  .

              මෙලෙස  කාලය ගතවෙද්දී  එම තරුණිය එම තරුණයාගේ අතින් ගැබ්බර වන අතර එම දරු ගැබ විනාශ කරන්න යයි තරුණයා ඇයට පවසයි.නමුත් ඇය එම යෝජනාවට කැමති වෙන්නේ නැත . මුල්ම වතාවට තමන්ගේ කුසේ පිළිසිද ගත් දරුවා කුසේදීම මරා දමන්න ඇයට හැකියාවක් නොමැත. ඇය ඔහුට මෙලෙස පැවැසුවාය 
              “මේ දරුවා නැති කරන්න මට බැහැ, මට මේ දරුවා හදා ගන්න ඕනෑ”

     මේ තරුණිය තමාගේ  යෝජනාවට  අකමැති වෙන බව දැනගත් මෙම තරුණයා ඇයව  හැර දමා හොර රහසේම නික්ම ගියේය .ඇයට දැන් නීතියේ පිළිසරණක්ද  නැහැ ,ඇය කඩදාසියක අත්සන් කර නොමැත  එහෙත් ඇය දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක් ය  ...................

      අපේ ශිෂ්ඨ සමාජයේ බොහෝ දෙනා දැන් ඇයව පිළිකුල් කරන්නේය ,මන්ද  ඇය අනාචාරයේ හැසිරුනා කියා .මේ ශිෂ්ඨ සමාජයේ ඇයට කිසිම කෙනෙකුගේ දයානුකම්පාවක්  නොලැබුනේය  . 

ඇත්තටම හිතන්න ඇය අනාචාරයේ හැසිරුනාද ?

              මම දකින විදිහට නම් ඇය අනාචාරයේ හැසිරුනේ නැත .ඇය කල එකම වරද තමන්ගේ පෙම්වතා   ආදරවන්තයා ඕනෑවටත් වඩා විශ්වාස කල එක නේද ?.ඇය තමන් විශ්වාස කල ඒ පුද්ගලයට  තමන්ගේ ජීවිතය කැපකලා.ඇය අනාචාරයේ හැසිරුනේ නැහැ ........

     නමුත් දැන් සියල්ලම සිදු වී හමාරය .ඇය මේ හැම දෙයම විද දරා ගත යුතුව ඇත .මන්ද වරද ඇත්තේ ඇගේ අතේය ...
   
       ඇය තමන්ගේ කුසතුල පිළිසිද ගත්දරුවා මරාදමන්නට පෙලබුනේ නැත ,ලෝකයාගේ අනන්ත අප්‍රමාණ ඇනුම් බැනුම් උසුළු විසුළු මැද ඇය දරුවා මෙලොවට බිහි කරන්නීය......
            
          කාලය එලෙස ගතවෙද්දී  දරුවා ටික ටික වැඩෙන අතර දැන් දරුවා අඩන්නේ  කිරි ඉල්ලා නොව ,කුසට බත් ඉල්ලාය. දරුවා ජිවත් කරන්නට ඇයට ද දැන් කිසිම කෙනෙකුගේ පිළිසරණක් නැත,නීතියේ පිලිසරණක්ද නැත,නමුත් තම දරුවා කුසගින්නේ අඩනවා ඇයට බලාන ඉන්නට ද බැරිය ,අවසානයේ ඇය තීරණයක්‌ ගනී.ඒ වෙණ කිසිවක් නොව තම  දරුවාගේ කුස ගින්න නිවන්න,දරුවා ජිවත් කරවන්න ඇය ඇගේ කය විකුණන්න පටන් ගත්තාය   ................ 

මේ කාන්තාව තරුණයි ලස්සණයි,බොහොම ප්‍රියමනාපයි ... 


     
මතු සම්බන්දයි .........

3 comments:

  1. වත්මන් පරපුරට හොද ආදර්ශයක් අයියේ බොහොම ස්තූති...
    මම කල්පනා

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි෴

    ReplyDelete
  3. "piriminge papa kandata dosa vindina landune"
    samajeta gelepanawa arthawath

    nadee..........

    ReplyDelete

මගේ සිහින මුතුකුඩේ යටට ගොඩ වැදුනු ඔයාට ගොඩක් ස්තූතියි,ආපහු එන්න ,නිකන්ම යන්න එපා ඔයාගේ අදහසත් කියලම යන්න මගේ මුතු කුඩේ ගැන.........

Twitter Bird Gadget