Pages

Monday, December 31, 2012

සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!



එකම අවුරුද්දක්....
මාස 12ක් ....
දවස් 365ක්...
පැය 8760 ක්.....
මිනිත්තු 52,5600 ක්....

තත්පර 3,15600 ක් තුල ගෙවෙනා
 
මේ ලැබුවා වූ නව වසර, සතුට, බලාපොරොත්තු, නැවුම් අත්දැකීම් , වෙනසක් ...............
ඔයාළගේ ජීවිතේ ඔයාලා වැඩිපුරම සතුටින් ඉන්න 
ජීවිතේ ලස්සනම ලස්සන කාලය අදින් ආරම්භ වේවායි.....!!! මා පතනවා..

සුබ අලුත් අවුරුද්දක්.......!!

*★Happy ★* 。 • ˚ ˚ ˛ ˚ ˛ •
•。★New Year★ 。* 。
° 。 ° ˛˚˛ * _II_____*。*˚
˚ ˛ •˛•˚ */______/- \。˚ ˚ ˛
˚ ˛ •˛• ˚ | - - |[ ]|
”˜˜”*°•. ˜”*°• . •°*”˜ .•°*”˜˜”*°•.
.•°*”˜ Happy New Year ﹗ ˜”*°•.
•°*”˜.•°*”˜.•°*”˜ ˜”*°•.˜”*°•.˜”*°..........
හමුවී ඇති නැති, දන්නා නොදන්නා, කතා කළ නොකළ සිනහවූ නොවූ,
ඇරගත්ත , ඇණගත්ත, තර්ක කළ සාකච්ඡා කළ නොකළ,
 මට ආදරය කරන නොකරන, මට වෛර කරන නොකරන, 
මාව රුස්සන නුරුස්සන.මාව ප්‍රිය කරන නොකරන සියලු දෙනාට 
ලබන්නාවූ 2013 නව වසර යහපත් වන්නට ප්‍රාර්ථනා කරමි... ජය වේවා!

Wednesday, December 5, 2012

අතීතය අමතක නොකරන්...



එකම මව් කුස තුල පිළිසිද
එකම විදියට මෙලොව එලිය දැක
සියළු දුක් කරදර
එකට විදගෙන
සොයුරු පෙමින් ගතකල
 අතීතය
අමතක කර
දිවි ගෙව්වත් අද නුබලා
අමතක නොවේ ඒ විදි දුක් ගැහැට
මා හට
අද නුබලා වටකර සිටිනා
ඔය පිරිවර කිසිවෙකු නැත
විදිනා කළ දුක් කරදර
සිටියේ තනියට කදුළු පිසින්නට
අයියා පමණකි
වෙන කිසිවෙකු නැත.............



Tuesday, November 13, 2012

දීපාවලි සුබ පැතුම් !!!!!

මුලින්ම සියලුම දෙනාට කිසිම ආගම් බේදයකින් තොරව සැමටම සුබම සුබ දීපාවලී දිනයක් වේවා කියල එක හිතින්ම  ප්‍රාර්ථනා කරනවා!!!!!!!!

                          

පොඩ්ඩක් මමත් බැලුවා මොකද්ද මේ දීපාවලි, දීපවාලි ,දිවාලි කියලා එක එක නම්වලින් මිනිසුන් සමරන්නේ මොකද්ද කියලා (මට වෙන වැඩ නැහැ කියල හිතන්න එපා හොදේ )

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් දීපවාලි උත්සවය සමරනු ලබයි.,ඇත්තටම ඔවුන් මේ කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් වන්දනාමාන කිරීමක් කියල තමයි මම අහපු වෙලාවේ මගේ යාළුවෙක් කිව්වේ .
  
    "අධර්මය පරදවා ධර්මය ජයගැනීම" සංඛේතවත් කරමින් පහන් දල්වා දීපවාලී දිනය සමරන බවද ඔහු මට පැවසුවා ...

නමුත්  තවත් අදහසක් මම දැක්ක මගේ සහෝදරයෙකුගේ බ්ලොග් අඩවියක මෙන්න මෙහෙමත් තිබුණා....

   දීපවාලි (Deepavali)

මේ උත්සවයේදී උත්සවදිනයට සතියකට පෙර තමා සූදානම් වීම ආරම්භ වෙන්නේ. රසකැවිලි සාදනවා. ගෙවල් සුද්ධ පවිත්‍ර කරල පාට කරනවා. අලුත් ඇඳුම් ගන්නවා. උත්සව දවසේදී උදේම නැගිටල "මන්තනීර්" නමින් හැඳින්වෙන කෝවිලෙන් ගෙනෙන තෙල් වර්ගයක් හිසේ, උරහිසේ, පිට අත්ලේ, පපුවේ, දණහිසේ වාගේම කකුලේ පිට පැත්තේත් ආලේප කරනවා.

ඊට පස්සේ "සියකා" නමින් හැඳින්වෙන පවුඩර් වර්ගයක් හිසට දමනවා. පස්සේ සබන් ගාල නානවා. මේ පවුඩර් වර්ගය ඉන්දියාවෙන් තමා ගෙන්වන්නේ. ඊට පස්සේ හිරු වන්දනාව කරල හිස පිහදාල නිවෙස් තුලට යනවා. පසුව තමාගේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් ඇඳගෙන දෙවියන් ඉදිරියේ තමන් ගෙනා අලුත් ඇඳුම් තියනවා. ඊට පස්සේ කහ දියර හදල ඒවා ඇඳුම් වල තැනින් තැන තවරනවා. දෙවියන්ට පූජා පවත්වලා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා.  පස්සේ රතිඤ්ඤා, නිලා සහ අහස්කූරු පත්තු කරනවා. මේ සියල්ල උදය වරුව තුලදී තමා සිද්ධ වෙන්නේ.

දවල් කෑම කාල රසකැවිලි වර්ග වලත් රස බලනවා. ඊට පස්සේ යාබද නිවෙස් වලට රසකැවිලි පිඟන් දෙනවා. ඒ නිවැසියනුත් දෙමළ අය නම් ඒ අයත් රසකැවිලි පිඟන් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ දවසම විනෝදෙන් තමා.

දීපවාලි දිනය ඔවුන් සමරන්නේ, එකල රජකම් කල "සූරන්" නැමැති දුෂ්ඨ රජෙකුගේ මරණයේ සතුට සැමරීමටයි.


  කව්රු මොනවා කිව්වත් මේකත් එක්තරා ආකාරයක මානව වර්ගයාගේ දයාව ,කරුණාව ,සහයෝගිත්වය පිළිබිබු වන තවත් එක් අවස්ථාවකි මටනම් හිතෙන විදියට  ............
















                        ඔයාල හැමදෙනාටම සුබම සුබ දීපාවලි දිනයක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!                                                                      

Friday, November 2, 2012

මේකද අවංක ආදරය .......?


අද මට ටිකක් හිතට හරි නැහැ ,මොකද මගේ හොදම යාළුවෙක් අද දුකෙන් ,එයා එක්ක කථා ලාට පස්සේදී මගේ හිතට දැනුන දේ මම මේ   ලියන්නේ,
 සමහරවිට මම හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.නමුත් 
මට දැනෙන ඇත්ත යථාර්තය මේක යි.මහම මහා පුදුම මිනිස්සු ඉන්න ලෝකෙකයි  අපි ජිවත් වෙන්නේ .
කොල්ලෝ කෙල්ලෝ එක්ක යාළුවෙලා තමන්ගේ ඕනා එපාකම් ඉටු කරගෙන ඒ කෙල්ලව අතරමං කරලා දාලා යනවා.
 තව තැනක කෙල්ල කොල්ල එක්ක යාළුවෙලා කොල්ලගෙන් ගන්න පුළුවන් තරමක් සල්ලි බාගේ ,බඩුමුට්ටු අරගෙන ඒ කොල්ලට දාහක් බලාපොරොත්තු දීල ඒකව මහා පාරට ඇදාල දාල වෙන කොල්ලෙක් එක්ක යනවා ,
ඊට පස්සේ අර කොල්ල හැමදාම අසරණ වෙලා දුක් විදිනවා ඒ වගේ දුක් විදින වෙලාවක අවංක කෙල්ලෙක් උගේ ජිවිතේට ආවත් ඌ බලන්නේ ඒ කෙල්ල දිහාත් අර අනිත් කෙල්ල ගැන බලපු ඇසින්මයි,

ඒ වගේම තමයි කොල්ලොත් කෙල්ලගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන අන්තිමේදී තමන්ගේ පහත් ආශාවන් සන්සිදුවාගෙන පස්සේදී ඒ කෙල්ලව  ඇත ඇරලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යනවා.
 නමුත් ඒ ගිහිල්ලත් අර අසරණ කෙල්ලට ඇගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ ඒක එකා එක්කල පහත් කතාවන් ඒ කෙල්ල ගැන කියවනවා.නමුත් එහෙම කියවන වෙලාවක ඌට නිකමටවත් මතක් වෙන්නේ නැතුව ඇති තමනුත් ගැහැනියෙක්ගේ කුස තුලින් මෙලොවට බිහිවුන බව.
මොකද  මොහොතකටවත් එහෙම හිතෙනවනම් ඌ එහෙම කියන්නේ නැහැ කවදාවත්ම.......................
තමන්ට නොගැලපෙන ආදරයක් තමන් ඇතිකරගත්තනම් ඒ ආදරය අතහැරලා දමන්න දෙන්නගෙම කැමැත්තෙන්.
  කවදාවත් කිසි කෙනෙකුට ගරහන්න යන්න එපා .
 මොකද යම්කිසි දෙයක් දෙන්න අතර සිදුවුණානම් ඒ හැම දෙයම දෙන්නගේ කැමැත්තෙනුයි සිදුවුණේ.
ඒක නිසා කවදාවත් කෙනෙකුට ගරහන්න යන්න එපා,
එක එක අය එක්කල වැරදි කිය කියා තමන් නිදොස් වෙන්න හදන්න එපා.....................
අවංකව ඔබ ඔහුට හෝ ඇයට කළේ හදවතින්ම ආදරයක්නම්   
කවදාවත් එහෙම දේවල් ඔබට කියන්න බැහැ.
හුදෙක් ඔබ ඔහු හෝ ඇයව රවටා තමන්ගේ ඕනා එපාකම් ඉටු කර ගැනීම සදහා ආදරය කළානම් අනිවාර්යෙන්ම ඔබ එහෙම කියනවා නිසැකයි .......
 ඇත්තටම ආදරේ කියන්නේ 
මේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමක්ම පමණද ?
සිතන්න මොහොතක් ඔබ කරණ මේ ආදරය ඇත්ත අවංක ආදරයක්ද කියලා ......

Sunday, October 14, 2012

ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ ඇයි?



ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තට ආපු එකේ මට හිතුණා ඇත්තටම පොඩි දෙයක් ගැන විමසා බලන්න........


ඇත්තටම අද අපේ සමාජයේ ආදරේ නොකරන කෙනෙක් නැහැ ,නමුත් අපි මේ කරන ආදරේ ඇත්තටම අපි කරනවද ?.ඇයි මේ ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ?



ආදරේට ආදරේ කරන්න අපි ඉගෙන ගන්න ඕන ...අනික අපි ආදරේ කරන්න ඕන ආදරේ කියන එක තේරුම් අරගෙන ,මොකද එහෙම තේරුම් අරන් කරන ආදරයකදී මම දකින විදියට දුකක් ඇතිවන එකක්වත් ආදරේ නිසා ජිවිතේ අපායක් වෙන එකක්වත් නැති වෙයි  මොකද දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ආදරේ කරලා යම් හෙයකින් ඒ ආදරේ  නැති උණත් මහා ලොකු කම්පනයක් අපට ඇති වන්නේ නැහැ මන්ද අපි ආදරේ කියන එක තේරුම් අරගෙන ඉන්න නිසා...මම දකින විදියට ආදරේ කියන්නේ සුන්දර මල් උයනක්‌ නෙවෙයි ,ඒ වගේම ආදරේ කියන්නේ විස කටු පිරුන අපායකුත් නෙවෙයි .

ආදරේ හරියට කාන්තාරයකට වැටෙන පොද වැස්සක් වගෙයි .ආදරේට ගොඩක් දේවල් කරන්න පුළුවන් .ඒත් ඒකටත් යම්කිසි ක්‍රමයක් තියනවා

දැන් බලන්න අපි විභාගයකදී ප්‍රශ්ණ පත්තරයකට  උත්තර අපි මොනතරම් හොදට පාඩම් කරලා ගියත් උත්තරේ හරියට ගලපලා ලියන්න බැරි උනොත් අපිට මොකද වෙන්නේ ,ලකුණු ලැබෙන්නේ නැහැ නේද .ලකුණු ලබාගන්න නම් ඒක ලස්සනට ගලපලා බලන කෙනාගේ හිත ඇදිලා යන විදියට ලියන්න ඕන..... අන්න ඒ  වගේ තමයි මම දකින විදියටත් ආදරේදීත්  කරන්න වෙන්නේ .

තමන් ආදරේ  කරණ කෙනා මොන විදියේ කෙනෙක් උණත් එයාව තමන්ට ඕන විදියට වෙනස් කරගන්න ඕන ,නමුත් එහෙම වෙනස් කරගන්නවා කියලා එක පාරටම ගහල බැනල වෙනස් කරගන්න යන්න එපා .එයාට දැනෙන විදියට එයාගේ හිත ටිකෙන් ටික පිළිවෙලට වෙනස් කරන්න ක්‍රමවත්ව .ඒකත් අර විභාග ප්‍රශ්නයට උත්තර ලිව්ව විදියට  පිළිවෙලට ලස්සනට ටිකෙන් ටික කරන්න,කලබල වෙන්න යන්න එපා .

                                                                                                        

 

මම හිතනවා  එහෙම උනොත් ජිවිතේ ලස්සනට දුකක් කරදරයක් නැතිව ආදර ජීවිතය අපායක් නොකරගෙන ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් මේ හැම දෙයම කරන්නට කළින් ආදරේට ආදරේ කරලා ඉන්න .............................

 මේ විදියට ජිවිතේ විදින්න පුළුවන් වෙයි කියල හිතනවානම්  ඔයාගේ අදහසත් පහලින් අකුරු කරලා යන්න හොදේ ,කාටත් ජය වේවා !!!!!!!!!

ගොඩක් දවසකට පස්සේ ,,,,,,,,



මේ දවස්වල වැඩ ගොඩක් වැඩි නිසා බ්ලොග් එක පැත්තේ එන්න කිසිම වෙලාවක් ලැබුනේ නැහැ ,
අදත් මේ පොඩි නිවාඩුවක් ලැබුණ ,මොකද  කොල්ලගේ අත පොඩ්ඩක් කැපුනා වැඩ කරද්දී ,ඉතින්
දැන් නිවාඩු ,නිකන්ම ඉන්න නිසා බ්ලොග් එක පැත්තේ එන්න හිතුණා..........ඉස්සෙල්ලම ඔන්න
කොල්ලගේ අත බලලම ඉන්නකෝ ...මේ තියෙන්නේ කොල්ලගේ අත බැන්ඩේජ්  කරලා ........




Sunday, September 2, 2012

......ගණිකාව .......(කෙටි කථාව ) අවසාන කොටස

මෙම කෙටි කතාවේ පළමුවන කොටස මීට ඉහත පළවූ අතර ,එය නොබැලුවේ නම්  මෙතනින්  ගොස් එය නරඹන්න....... 
  

     
         මේ අයුරින් කාලය ගත වෙද්දී දිනක් එක්තරා පුද්ගලයෙක්  මේ කාන්තාව සොයාපැමිණියේ ඇයගේ සේවාව ලබා ගැනීම සදහාය  .ඇයද මේ පුද්ගලයා  බොහොම ආදරයෙන් පිළිගෙන යහනට එක්කරගෙන  ගොස්  ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .මෙසේ  ටික වෙලාවක් ගත වෙද්දී ඇය ජිවත්වන අඩු පහසුකම් වලින් සමන්විත වූ පුංචි කුටියේ එක පැත්තක තිරයකින් ආවරණය කරන ලද පෙදෙසක් තුලින් දඩස් ගා  ශබ්දයක්  නිකුත් වන අතර මේ ශබ්දය ඇසුණු විගසම කලබල වන මේ තරුණිය  අර පුද්ගලයාට  මෙසේ පවසන ලදීය...
.
 “ මට සමාවෙන්න , මට මොහොතකට  ඉඩ දෙන්න මම ඉක්මනට එනවා

           මෙසේ එම පුද්ගලයාට පැවසූ ඇය විගසින් අර තිරය ඇතුලට දුවගොස් ටික වෙලාවකට  පසු පැමිණ නැවතත් ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .මෙසේ  නැවතත් ටික වෙලාවක් ගත වන විට නැවතද අර පෙර විලසින්ම ශබ්දය ඒ අයුරින්ම ඇයට ඇසුනාය,දෙවෙනි වතාවටත් ඇය ඉතා බැගෑපත් ලෙස අර මනුස්සයාගෙන් සමාව ඉල්ලා නැවතත් යහනෙන් බැස අර තිරය ඇතුලට දුවගොස් ටිකවෙලාවකින් පැමිණ නැවතත් ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .එලෙස තව මොහොතක් ගත වෙද්දී අවසනාවට මෙන්  තෙවෙනි වතාවටද අර ශබ්දය පෙර විලසින්ම නැවතත් ඇයට ඇසුනාය ,මේ මොහොත වන විට අර පුද්ගලයා දැඩි  කාම පිපාසයෙන් හොදටම උමතුව  සිටියේය ,මේ කාන්තාවට වචනයක් වත් කතාකර ගැනීමට ඔහු ඉඩක් දෙන්නේ නැත ,නමුත් ඇය ඔහුව  පසෙකට තල්ලු කොට යහනෙන් බැස විගස අර තිරය ඇතුලට දුවගෙන ගියාය .

     එවිට  මාරාවේශ වෙණ මේ පුද්ගලයා මෙසේ සිතමින්  යහනෙන් බැස්සේය  “මේ ගෑනි මාව වෙහෙසට පත් කරනවා ,මම මේ ගෑනිගේ බෙල්ල මිරිකලා දාල තමයි  දැන් මෙතනින් පිට වෙන්නේඑලෙස  වියරුවෙන් කාන්තාව පසු පස ඇවිදින් ඔහු අර තිරය අතින් ඇද කඩා දැමුවේය.එහෙත් ඔහු දකින දසුනින් ඔහු මහත් විමතියට පත් වන්නේය,

       අබලන් වූ වැසිකිලි වලක් උඩ කුඩා ගැහැණු දරුවෙකු නිදා වැටෙන අතර මේ දරුවා නිදා වැටෙන විට  අර අබලන් වූ ලෑලි බිත්තියේ  දරුවාගේ ඔළුව වදී ,එලෙස  ඔළුව වදිද්දී නිකුත් වුණ හඩ තමයි මේ මොහොතකට කලින් ඔහුගේ සවන් වැකි ඇත්තේ ..
            
         මේ ශබ්දය ගැන හොදටම දන්නා මේ කාන්තාව මේ හඩ ඇසුණු සැණින් දුවගෙන ඇවිදින් අර ගැහැණු දරුවාගේ මුහුණේ වතුර ටිකක් ගා ඇයව ඇහැරවා ඇයට මෙසේ පවසන්නීය,

                          “අනේ දුවේ තව මොහොතක් ඇහැරිලා ඉන්න නැත්නම් ඔයාව මේ වලට වැටෙයි නින්ද  ගිහින් ,මම ඉක්මනට එනවා

       මේ අවස්ථාවේ එම  සිද්දිය දකින අර කාම වේශයෙන් ,මාරාවේශ වූ  ඒ පුද්ගලයා වෙඩරු පිඩක් බවට පත් වන්නේය.... 

             මේ තැනැත්තිය මේ තමන්ගේ කය විකුනන්නේ මොන හේතුවක් උඩද ,ඇගේ ඒකායන පරමාර්ථය වන්නේ තමන්ගේ දරුවාගේ කුසගින්න නිවීම ය ,මේ දරුවාව ජිවත් කිරීම ය.අර පුද්ගලයා ඇසුරු සැණින් එය තේරුම් ගත්තේය . ඔහුට  තව දුරටත් ඔහුගේ කාමාශාවන් සන්සිදුවා ගැනීමට එතන සිටීමට  හැකියාවක් නොමැති විය.
 
ඔහු මොකුත් නොකියා ම ආපසු හැරී යහන ලගට පැමිණ ,ඔහුගේ කෝට් එකේ තිබුණු සල්ලි සියල්ලම යහන මත හළා යන්නට ගියේය................................................



                     
                                      සමාප්තයි !!!!!!!!!!!

මෙම  නිර්මාණය රසවිදි ඔබ සියලු දෙනාගේ අදහස් මම බලාපොරොත්තු
වේ  ................










Twitter Bird Gadget