Pages

Monday, December 31, 2012

සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!!!!!!!!



එකම අවුරුද්දක්....
මාස 12ක් ....
දවස් 365ක්...
පැය 8760 ක්.....
මිනිත්තු 52,5600 ක්....

තත්පර 3,15600 ක් තුල ගෙවෙනා
 
මේ ලැබුවා වූ නව වසර, සතුට, බලාපොරොත්තු, නැවුම් අත්දැකීම් , වෙනසක් ...............
ඔයාළගේ ජීවිතේ ඔයාලා වැඩිපුරම සතුටින් ඉන්න 
ජීවිතේ ලස්සනම ලස්සන කාලය අදින් ආරම්භ වේවායි.....!!! මා පතනවා..

සුබ අලුත් අවුරුද්දක්.......!!

*★Happy ★* 。 • ˚ ˚ ˛ ˚ ˛ •
•。★New Year★ 。* 。
° 。 ° ˛˚˛ * _II_____*。*˚
˚ ˛ •˛•˚ */______/- \。˚ ˚ ˛
˚ ˛ •˛• ˚ | - - |[ ]|
”˜˜”*°•. ˜”*°• . •°*”˜ .•°*”˜˜”*°•.
.•°*”˜ Happy New Year ﹗ ˜”*°•.
•°*”˜.•°*”˜.•°*”˜ ˜”*°•.˜”*°•.˜”*°..........
හමුවී ඇති නැති, දන්නා නොදන්නා, කතා කළ නොකළ සිනහවූ නොවූ,
ඇරගත්ත , ඇණගත්ත, තර්ක කළ සාකච්ඡා කළ නොකළ,
 මට ආදරය කරන නොකරන, මට වෛර කරන නොකරන, 
මාව රුස්සන නුරුස්සන.මාව ප්‍රිය කරන නොකරන සියලු දෙනාට 
ලබන්නාවූ 2013 නව වසර යහපත් වන්නට ප්‍රාර්ථනා කරමි... ජය වේවා!

Wednesday, December 5, 2012

අතීතය අමතක නොකරන්...



එකම මව් කුස තුල පිළිසිද
එකම විදියට මෙලොව එලිය දැක
සියළු දුක් කරදර
එකට විදගෙන
සොයුරු පෙමින් ගතකල
 අතීතය
අමතක කර
දිවි ගෙව්වත් අද නුබලා
අමතක නොවේ ඒ විදි දුක් ගැහැට
මා හට
අද නුබලා වටකර සිටිනා
ඔය පිරිවර කිසිවෙකු නැත
විදිනා කළ දුක් කරදර
සිටියේ තනියට කදුළු පිසින්නට
අයියා පමණකි
වෙන කිසිවෙකු නැත.............



Tuesday, November 13, 2012

දීපාවලි සුබ පැතුම් !!!!!

මුලින්ම සියලුම දෙනාට කිසිම ආගම් බේදයකින් තොරව සැමටම සුබම සුබ දීපාවලී දිනයක් වේවා කියල එක හිතින්ම  ප්‍රාර්ථනා කරනවා!!!!!!!!

                          

පොඩ්ඩක් මමත් බැලුවා මොකද්ද මේ දීපාවලි, දීපවාලි ,දිවාලි කියලා එක එක නම්වලින් මිනිසුන් සමරන්නේ මොකද්ද කියලා (මට වෙන වැඩ නැහැ කියල හිතන්න එපා හොදේ )

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් දීපවාලි උත්සවය සමරනු ලබයි.,ඇත්තටම ඔවුන් මේ කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් වන්දනාමාන කිරීමක් කියල තමයි මම අහපු වෙලාවේ මගේ යාළුවෙක් කිව්වේ .
  
    "අධර්මය පරදවා ධර්මය ජයගැනීම" සංඛේතවත් කරමින් පහන් දල්වා දීපවාලී දිනය සමරන බවද ඔහු මට පැවසුවා ...

නමුත්  තවත් අදහසක් මම දැක්ක මගේ සහෝදරයෙකුගේ බ්ලොග් අඩවියක මෙන්න මෙහෙමත් තිබුණා....

   දීපවාලි (Deepavali)

මේ උත්සවයේදී උත්සවදිනයට සතියකට පෙර තමා සූදානම් වීම ආරම්භ වෙන්නේ. රසකැවිලි සාදනවා. ගෙවල් සුද්ධ පවිත්‍ර කරල පාට කරනවා. අලුත් ඇඳුම් ගන්නවා. උත්සව දවසේදී උදේම නැගිටල "මන්තනීර්" නමින් හැඳින්වෙන කෝවිලෙන් ගෙනෙන තෙල් වර්ගයක් හිසේ, උරහිසේ, පිට අත්ලේ, පපුවේ, දණහිසේ වාගේම කකුලේ පිට පැත්තේත් ආලේප කරනවා.

ඊට පස්සේ "සියකා" නමින් හැඳින්වෙන පවුඩර් වර්ගයක් හිසට දමනවා. පස්සේ සබන් ගාල නානවා. මේ පවුඩර් වර්ගය ඉන්දියාවෙන් තමා ගෙන්වන්නේ. ඊට පස්සේ හිරු වන්දනාව කරල හිස පිහදාල නිවෙස් තුලට යනවා. පසුව තමාගේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් ඇඳගෙන දෙවියන් ඉදිරියේ තමන් ගෙනා අලුත් ඇඳුම් තියනවා. ඊට පස්සේ කහ දියර හදල ඒවා ඇඳුම් වල තැනින් තැන තවරනවා. දෙවියන්ට පූජා පවත්වලා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා.  පස්සේ රතිඤ්ඤා, නිලා සහ අහස්කූරු පත්තු කරනවා. මේ සියල්ල උදය වරුව තුලදී තමා සිද්ධ වෙන්නේ.

දවල් කෑම කාල රසකැවිලි වර්ග වලත් රස බලනවා. ඊට පස්සේ යාබද නිවෙස් වලට රසකැවිලි පිඟන් දෙනවා. ඒ නිවැසියනුත් දෙමළ අය නම් ඒ අයත් රසකැවිලි පිඟන් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ දවසම විනෝදෙන් තමා.

දීපවාලි දිනය ඔවුන් සමරන්නේ, එකල රජකම් කල "සූරන්" නැමැති දුෂ්ඨ රජෙකුගේ මරණයේ සතුට සැමරීමටයි.


  කව්රු මොනවා කිව්වත් මේකත් එක්තරා ආකාරයක මානව වර්ගයාගේ දයාව ,කරුණාව ,සහයෝගිත්වය පිළිබිබු වන තවත් එක් අවස්ථාවකි මටනම් හිතෙන විදියට  ............
















                        ඔයාල හැමදෙනාටම සුබම සුබ දීපාවලි දිනයක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!                                                                      
Twitter Bird Gadget