Pages

Sunday, October 14, 2012

ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ ඇයි?



ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තට ආපු එකේ මට හිතුණා ඇත්තටම පොඩි දෙයක් ගැන විමසා බලන්න........


ඇත්තටම අද අපේ සමාජයේ ආදරේ නොකරන කෙනෙක් නැහැ ,නමුත් අපි මේ කරන ආදරේ ඇත්තටම අපි කරනවද ?.ඇයි මේ ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ?



ආදරේට ආදරේ කරන්න අපි ඉගෙන ගන්න ඕන ...අනික අපි ආදරේ කරන්න ඕන ආදරේ කියන එක තේරුම් අරගෙන ,මොකද එහෙම තේරුම් අරන් කරන ආදරයකදී මම දකින විදියට දුකක් ඇතිවන එකක්වත් ආදරේ නිසා ජිවිතේ අපායක් වෙන එකක්වත් නැති වෙයි  මොකද දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ආදරේ කරලා යම් හෙයකින් ඒ ආදරේ  නැති උණත් මහා ලොකු කම්පනයක් අපට ඇති වන්නේ නැහැ මන්ද අපි ආදරේ කියන එක තේරුම් අරගෙන ඉන්න නිසා...මම දකින විදියට ආදරේ කියන්නේ සුන්දර මල් උයනක්‌ නෙවෙයි ,ඒ වගේම ආදරේ කියන්නේ විස කටු පිරුන අපායකුත් නෙවෙයි .

ආදරේ හරියට කාන්තාරයකට වැටෙන පොද වැස්සක් වගෙයි .ආදරේට ගොඩක් දේවල් කරන්න පුළුවන් .ඒත් ඒකටත් යම්කිසි ක්‍රමයක් තියනවා

දැන් බලන්න අපි විභාගයකදී ප්‍රශ්ණ පත්තරයකට  උත්තර අපි මොනතරම් හොදට පාඩම් කරලා ගියත් උත්තරේ හරියට ගලපලා ලියන්න බැරි උනොත් අපිට මොකද වෙන්නේ ,ලකුණු ලැබෙන්නේ නැහැ නේද .ලකුණු ලබාගන්න නම් ඒක ලස්සනට ගලපලා බලන කෙනාගේ හිත ඇදිලා යන විදියට ලියන්න ඕන..... අන්න ඒ  වගේ තමයි මම දකින විදියටත් ආදරේදීත්  කරන්න වෙන්නේ .

තමන් ආදරේ  කරණ කෙනා මොන විදියේ කෙනෙක් උණත් එයාව තමන්ට ඕන විදියට වෙනස් කරගන්න ඕන ,නමුත් එහෙම වෙනස් කරගන්නවා කියලා එක පාරටම ගහල බැනල වෙනස් කරගන්න යන්න එපා .එයාට දැනෙන විදියට එයාගේ හිත ටිකෙන් ටික පිළිවෙලට වෙනස් කරන්න ක්‍රමවත්ව .ඒකත් අර විභාග ප්‍රශ්නයට උත්තර ලිව්ව විදියට  පිළිවෙලට ලස්සනට ටිකෙන් ටික කරන්න,කලබල වෙන්න යන්න එපා .

                                                                                                        

 

මම හිතනවා  එහෙම උනොත් ජිවිතේ ලස්සනට දුකක් කරදරයක් නැතිව ආදර ජීවිතය අපායක් නොකරගෙන ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් මේ හැම දෙයම කරන්නට කළින් ආදරේට ආදරේ කරලා ඉන්න .............................

 මේ විදියට ජිවිතේ විදින්න පුළුවන් වෙයි කියල හිතනවානම්  ඔයාගේ අදහසත් පහලින් අකුරු කරලා යන්න හොදේ ,කාටත් ජය වේවා !!!!!!!!!

ගොඩක් දවසකට පස්සේ ,,,,,,,,



මේ දවස්වල වැඩ ගොඩක් වැඩි නිසා බ්ලොග් එක පැත්තේ එන්න කිසිම වෙලාවක් ලැබුනේ නැහැ ,
අදත් මේ පොඩි නිවාඩුවක් ලැබුණ ,මොකද  කොල්ලගේ අත පොඩ්ඩක් කැපුනා වැඩ කරද්දී ,ඉතින්
දැන් නිවාඩු ,නිකන්ම ඉන්න නිසා බ්ලොග් එක පැත්තේ එන්න හිතුණා..........ඉස්සෙල්ලම ඔන්න
කොල්ලගේ අත බලලම ඉන්නකෝ ...මේ තියෙන්නේ කොල්ලගේ අත බැන්ඩේජ්  කරලා ........




Sunday, September 2, 2012

......ගණිකාව .......(කෙටි කථාව ) අවසාන කොටස

මෙම කෙටි කතාවේ පළමුවන කොටස මීට ඉහත පළවූ අතර ,එය නොබැලුවේ නම්  මෙතනින්  ගොස් එය නරඹන්න....... 
  

     
         මේ අයුරින් කාලය ගත වෙද්දී දිනක් එක්තරා පුද්ගලයෙක්  මේ කාන්තාව සොයාපැමිණියේ ඇයගේ සේවාව ලබා ගැනීම සදහාය  .ඇයද මේ පුද්ගලයා  බොහොම ආදරයෙන් පිළිගෙන යහනට එක්කරගෙන  ගොස්  ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .මෙසේ  ටික වෙලාවක් ගත වෙද්දී ඇය ජිවත්වන අඩු පහසුකම් වලින් සමන්විත වූ පුංචි කුටියේ එක පැත්තක තිරයකින් ආවරණය කරන ලද පෙදෙසක් තුලින් දඩස් ගා  ශබ්දයක්  නිකුත් වන අතර මේ ශබ්දය ඇසුණු විගසම කලබල වන මේ තරුණිය  අර පුද්ගලයාට  මෙසේ පවසන ලදීය...
.
 “ මට සමාවෙන්න , මට මොහොතකට  ඉඩ දෙන්න මම ඉක්මනට එනවා

           මෙසේ එම පුද්ගලයාට පැවසූ ඇය විගසින් අර තිරය ඇතුලට දුවගොස් ටික වෙලාවකට  පසු පැමිණ නැවතත් ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .මෙසේ  නැවතත් ටික වෙලාවක් ගත වන විට නැවතද අර පෙර විලසින්ම ශබ්දය ඒ අයුරින්ම ඇයට ඇසුනාය,දෙවෙනි වතාවටත් ඇය ඉතා බැගෑපත් ලෙස අර මනුස්සයාගෙන් සමාව ඉල්ලා නැවතත් යහනෙන් බැස අර තිරය ඇතුලට දුවගොස් ටිකවෙලාවකින් පැමිණ නැවතත් ඔහුව  සතුටු කරන්න පටන් ගත්තාය .එලෙස තව මොහොතක් ගත වෙද්දී අවසනාවට මෙන්  තෙවෙනි වතාවටද අර ශබ්දය පෙර විලසින්ම නැවතත් ඇයට ඇසුනාය ,මේ මොහොත වන විට අර පුද්ගලයා දැඩි  කාම පිපාසයෙන් හොදටම උමතුව  සිටියේය ,මේ කාන්තාවට වචනයක් වත් කතාකර ගැනීමට ඔහු ඉඩක් දෙන්නේ නැත ,නමුත් ඇය ඔහුව  පසෙකට තල්ලු කොට යහනෙන් බැස විගස අර තිරය ඇතුලට දුවගෙන ගියාය .

     එවිට  මාරාවේශ වෙණ මේ පුද්ගලයා මෙසේ සිතමින්  යහනෙන් බැස්සේය  “මේ ගෑනි මාව වෙහෙසට පත් කරනවා ,මම මේ ගෑනිගේ බෙල්ල මිරිකලා දාල තමයි  දැන් මෙතනින් පිට වෙන්නේඑලෙස  වියරුවෙන් කාන්තාව පසු පස ඇවිදින් ඔහු අර තිරය අතින් ඇද කඩා දැමුවේය.එහෙත් ඔහු දකින දසුනින් ඔහු මහත් විමතියට පත් වන්නේය,

       අබලන් වූ වැසිකිලි වලක් උඩ කුඩා ගැහැණු දරුවෙකු නිදා වැටෙන අතර මේ දරුවා නිදා වැටෙන විට  අර අබලන් වූ ලෑලි බිත්තියේ  දරුවාගේ ඔළුව වදී ,එලෙස  ඔළුව වදිද්දී නිකුත් වුණ හඩ තමයි මේ මොහොතකට කලින් ඔහුගේ සවන් වැකි ඇත්තේ ..
            
         මේ ශබ්දය ගැන හොදටම දන්නා මේ කාන්තාව මේ හඩ ඇසුණු සැණින් දුවගෙන ඇවිදින් අර ගැහැණු දරුවාගේ මුහුණේ වතුර ටිකක් ගා ඇයව ඇහැරවා ඇයට මෙසේ පවසන්නීය,

                          “අනේ දුවේ තව මොහොතක් ඇහැරිලා ඉන්න නැත්නම් ඔයාව මේ වලට වැටෙයි නින්ද  ගිහින් ,මම ඉක්මනට එනවා

       මේ අවස්ථාවේ එම  සිද්දිය දකින අර කාම වේශයෙන් ,මාරාවේශ වූ  ඒ පුද්ගලයා වෙඩරු පිඩක් බවට පත් වන්නේය.... 

             මේ තැනැත්තිය මේ තමන්ගේ කය විකුනන්නේ මොන හේතුවක් උඩද ,ඇගේ ඒකායන පරමාර්ථය වන්නේ තමන්ගේ දරුවාගේ කුසගින්න නිවීම ය ,මේ දරුවාව ජිවත් කිරීම ය.අර පුද්ගලයා ඇසුරු සැණින් එය තේරුම් ගත්තේය . ඔහුට  තව දුරටත් ඔහුගේ කාමාශාවන් සන්සිදුවා ගැනීමට එතන සිටීමට  හැකියාවක් නොමැති විය.
 
ඔහු මොකුත් නොකියා ම ආපසු හැරී යහන ලගට පැමිණ ,ඔහුගේ කෝට් එකේ තිබුණු සල්ලි සියල්ලම යහන මත හළා යන්නට ගියේය................................................



                     
                                      සමාප්තයි !!!!!!!!!!!

මෙම  නිර්මාණය රසවිදි ඔබ සියලු දෙනාගේ අදහස් මම බලාපොරොත්තු
වේ  ................










Twitter Bird Gadget