Pages

Friday, August 31, 2012

......ගණිකාව .......(කෙටි කථාව ) 1 කොටස


             හැමදාම ආදරේ විරහව ගැනම අහල ඔයාලාට නිකන් එපාවෙලා නේද ඉන්නේ,අද මට හිතුණා මේ ආදරේ ගැන හැමදාම බලන පැත්තකට වඩා මානුෂිය පැත්තකින් දකින්න පුළුවන් දෙයක් ගැන ලියන්න,ඔයාලම හිතන්න මොහොතක් මම මේ ගැන විස්තර කරන්න යන්නේ නැහැ ඔයාලම මේක කියවල බලල ,මොහොතක් සිතන්න හදවතින්ම කව්ද මෙතන වැරදි කරු කියා ............

     තරුණියක් එක්තරා තරුණයකු සමග ආදර සම්බන්දයක් ඇතිකර ගන්නා අතර  ඔවුන් දෙදෙනා ආදරයේ උපරිම ආශ්වාදය විදිමින්  ජිවිතයේ නොයෙක් කඩ ඉම් පසු කරමින් ජිවත් වුවේය ,එම තරුණිය තමන්ගේ ප්‍රේම වන්තයා තමන්ගේ ජීවිතයටත්  වඩා බොහොම තදින්  විශ්වාස කෙරුවාය  .

              මෙලෙස  කාලය ගතවෙද්දී  එම තරුණිය එම තරුණයාගේ අතින් ගැබ්බර වන අතර එම දරු ගැබ විනාශ කරන්න යයි තරුණයා ඇයට පවසයි.නමුත් ඇය එම යෝජනාවට කැමති වෙන්නේ නැත . මුල්ම වතාවට තමන්ගේ කුසේ පිළිසිද ගත් දරුවා කුසේදීම මරා දමන්න ඇයට හැකියාවක් නොමැත. ඇය ඔහුට මෙලෙස පැවැසුවාය 
              “මේ දරුවා නැති කරන්න මට බැහැ, මට මේ දරුවා හදා ගන්න ඕනෑ”

     මේ තරුණිය තමාගේ  යෝජනාවට  අකමැති වෙන බව දැනගත් මෙම තරුණයා ඇයව  හැර දමා හොර රහසේම නික්ම ගියේය .ඇයට දැන් නීතියේ පිළිසරණක්ද  නැහැ ,ඇය කඩදාසියක අත්සන් කර නොමැත  එහෙත් ඇය දැන් දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක් ය  ...................

      අපේ ශිෂ්ඨ සමාජයේ බොහෝ දෙනා දැන් ඇයව පිළිකුල් කරන්නේය ,මන්ද  ඇය අනාචාරයේ හැසිරුනා කියා .මේ ශිෂ්ඨ සමාජයේ ඇයට කිසිම කෙනෙකුගේ දයානුකම්පාවක්  නොලැබුනේය  . 

ඇත්තටම හිතන්න ඇය අනාචාරයේ හැසිරුනාද ?

              මම දකින විදිහට නම් ඇය අනාචාරයේ හැසිරුනේ නැත .ඇය කල එකම වරද තමන්ගේ පෙම්වතා   ආදරවන්තයා ඕනෑවටත් වඩා විශ්වාස කල එක නේද ?.ඇය තමන් විශ්වාස කල ඒ පුද්ගලයට  තමන්ගේ ජීවිතය කැපකලා.ඇය අනාචාරයේ හැසිරුනේ නැහැ ........

     නමුත් දැන් සියල්ලම සිදු වී හමාරය .ඇය මේ හැම දෙයම විද දරා ගත යුතුව ඇත .මන්ද වරද ඇත්තේ ඇගේ අතේය ...
   
       ඇය තමන්ගේ කුසතුල පිළිසිද ගත්දරුවා මරාදමන්නට පෙලබුනේ නැත ,ලෝකයාගේ අනන්ත අප්‍රමාණ ඇනුම් බැනුම් උසුළු විසුළු මැද ඇය දරුවා මෙලොවට බිහි කරන්නීය......
            
          කාලය එලෙස ගතවෙද්දී  දරුවා ටික ටික වැඩෙන අතර දැන් දරුවා අඩන්නේ  කිරි ඉල්ලා නොව ,කුසට බත් ඉල්ලාය. දරුවා ජිවත් කරන්නට ඇයට ද දැන් කිසිම කෙනෙකුගේ පිළිසරණක් නැත,නීතියේ පිලිසරණක්ද නැත,නමුත් තම දරුවා කුසගින්නේ අඩනවා ඇයට බලාන ඉන්නට ද බැරිය ,අවසානයේ ඇය තීරණයක්‌ ගනී.ඒ වෙණ කිසිවක් නොව තම  දරුවාගේ කුස ගින්න නිවන්න,දරුවා ජිවත් කරවන්න ඇය ඇගේ කය විකුණන්න පටන් ගත්තාය   ................ 

මේ කාන්තාව තරුණයි ලස්සණයි,බොහොම ප්‍රියමනාපයි ... 


     
මතු සම්බන්දයි .........

Thursday, August 30, 2012

පතමි පැතුමන් .....

හිසෙහි අත තබා පොරොන්දු වුවත් 
කෙදිනකවත් අප වෙන්  නොමවන බව 
එක්  වී ඇත ඒ සොදුරු අතීතය
සුසුම් පොදක් ලෙස හිස් වාතලයට 

කොතරම් බාධක ආවත් අප හට 
කිසිදා තනි නොකරන්නෙමි  මා ඔබ
කියූ වදන් අද ඔබට මතක නැත 
එනමුත් මගේ හදවත තුල එය ඇත 

දෙසිතක් අතරේ රැදුණු නිසා ඔබ 
සසල නොවන්නැති මා වෙනුවෙන් සිත 
පතනෙමි කදුළක් උරුම නොවන්නට 
මා හට මෙන් ඔහුටද මතු යම්..............



Wednesday, August 29, 2012

ආදර දිනුට .......


මගේ ජීවිතේ හුගාක් බලාපොරොත්තු තිබ්බේ නැහැ .... 
නමුත් ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ  බලාපොරොත්තු හුගාක් වැඩි වුනා.... 
ඔයත් මට අහස උසට මහා බලාපොරොත්තු කන්දක් දුන්නා.... 
ඔයා දුන්න ඒ බලාපොරොත්තු වලට ලස්සන පාට විතරක් නෙවේ
ඒ බලාපොරොත්තු හීන වලින් ඉගිල්ලෙන්න මට අත්තටුත් දුන්නා..... 
මමත් ඒ හීන මහා ආදරේකින් තුරුල් කරගත්තේ,
බදා ගත්තේ ඒ හීන වලටත් වඩා මම ඔයාට ආදරේ කරන හින්දයි.... 
හිත ඇතුලෙන් ඔයා වෙනුවෙන් මහා ආදරයක් උතුරා ගලද්දි
ඒ ආදරේට වාන්  දාලා නවත්ත ගන්න මට බැරි වුනා.... 
මහ බැම්මක් බැන්දත් මට මගේ හිතේ ඔයාට තිබුණ ආදරේ නවත්ත ගන්න බැරි වෙලා තිබුනා...අපිට තිබුණේ එකම එක බලාපොරොත්තුවයි 
ඒ අපි අපේ වෙන එක විතරයි..... 
ඒත්  අපි දෙන්නා එකතු වෙලා මහා ආදරේකින් ගොඩ නගපු,
බලාපොරොත්තු,හීන, අරමුණු එතකොට ආදරේ සෙනෙහස උණුහුම
මේ හැමදේමඔයා මගෙන් ආපහු ගත්තා.....
ඒ වෙනුවට
දුක,වේදනාව,සංතාපය,පාළුව,තනිකම 
මගේ ළගින් තියලා ඔයා මගේ ළගින් යන්න ගිහිල්ලා.....
සමහර විට ඔයා හිතන්න ඇති මට දුන්න නියම දඩුවම මාව දාලා යන එක කියලා..... 
ඇත්ත ඔයා හරියටම හරි
ඔයා මට මේ දීලා තියෙන්නේ මට දෙන්න පුළුවන් උපරිම දඩුමව.... 
හැබැයි මම මේ දඩුවම බාර ගන්නේ සතුටක් විදියට..... 
ඔයා වෙනුවෙන් කියලා මම කියන්නේ නැ....
ඒත් හදවතින් කරපු මගේ අවංක ආදරේ වෙනුවෙන් 
ඔයා දුන්න සුන්දර අතීතයත් එක්ක 
මගේ ඇස් පියවෙන කල් මම ජීවත් වෙනවා....
මට එක දෙයක් අදහන්න බෑ තාමත්.....
මම වෙනුවෙන් කැප වෙලා පේ වෙලා හැමදේම කරලා උන්න ඔයා
මේ තරම් ඉක්මනට වෙනස් වුනේ ඇයි කියලා...... 
අඩුම තරමේ මගෙන් ඈත් වෙනවා කියලා කීවා නම් 
මට ඒ ඇයි කියලාවත් අහන්න තිබුණා..... 
ඒත් ඔයා නොකියම මගේ ජීවිතේට ආවා වගේම
නොකියම මගේ ජීවිතෙන් යන්න ගිහිනුත් තිබුණා.... 
ඔයා නැතිව මට ජීවත් වෙන්න බෑ කියලා කියන්න තරම් මම බොළද නෑ.... 
මම ඔයා නැතිව මගේ හැම ඉලක්කයකටම යනවා..... 
හැබැයි මගේ ජීවිතේ සර්ව සම්පුර්ණ එකක් වෙන්නේ නැති වෙයි.... 
ඇයි දන්නවද................? 
ඔයාට පණටත් වඩා ආදරේ කරපු මේ හිතින්, 
ඔයාව බදාගෙන තුරුල් කර ගත්තු මේ අත් දෙකෙන්, 
ඔයාගේ උණුහුම හිර කර ගත්ත මගේ හදවතින්.... 
මට තව කෙනෙක් ළගට යන්න බෑ..... 
ඔයා මගේ ළග නොහිටියත් මට වෛර කරත් 
මගේ හිතේ මේ ඇස් දෙක පියවෙන කල් ලියලා තියෙන්නේ ඔයාගේ නම විතරයි..... 
මට ඔයාව මගේ හිතෙන් එළියට ඇදලා විසික් කරන්න බෑ..... 
පැය ගණන් දවස් ගණන් මම වෙනුවෙන් කැප වෙලා උන්න ඔයාට
දැන් මම වෙනුවෙන් කැප වෙන්න 
එක තත්පරයක්වත් නෑ කියලා මහ දුකක් හිතට දැනෙනවා.....
ඔයා යන්න.... යන්නම යන්න.... 
හැබැයි ආයි වැරදිලාවත් මගේ ජීවිතේට එන්න එපා....
ඔයා මගේ මතකයේ හැමදාම හිටියත් ඔයාට ආපහු මගේ ළගට එන්න තහනම්.... 
මගේ මතකයේ ඔයාව හැමදාම තියාගෙන මගේ ජීවිතේ ගෙනියන්න මට පුළුවන්...... 
ඔයාගේ ජිවිතේ සතුට හොයන් යන්න.... 
මොන දේ කලත් පරිස්සම්න් ඉන්න.... 
ඔයා හැමදාම මගේ හිත ඇතුලේ ඉන්නවා..... 
ඒ සදාකාලිකවම..... 
එදා වගේම මම අදත් ඔයාට ආදරෙයි.... 
ඇයි දන්නවද ඒ එදා වගේම අදත් 
මගේ එකම හීනේ ඔයාම විතරක් වෙන හින්දා......

           --------හැමදාටම ඔයාට ආදරේ කරන ලොකූ--------

       

Twitter Bird Gadget