අද මට ටිකක් හිතට හරි නැහැ ,මොකද මගේ හොදම යාළුවෙක් අද දුකෙන් ,එයා එක්ක කථා කලාට පස්සේදී මගේ හිතට දැනුන දේ මම මේ ලියන්නේ,
සමහරවිට මම හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.නමුත්
මට දැනෙන ඇත්ත යථාර්තය මේක යි.මහම මහා පුදුම මිනිස්සු ඉන්න ලෝකෙකයි අපි ජිවත් වෙන්නේ .
කොල්ලෝ කෙල්ලෝ එක්ක යාළුවෙලා තමන්ගේ ඕනා එපාකම් ඉටු කරගෙන ඒ කෙල්ලව අතරමං කරලා දාලා යනවා.
තව තැනක කෙල්ල කොල්ල එක්ක යාළුවෙලා කොල්ලගෙන් ගන්න පුළුවන් තරමක් සල්ලි බාගේ ,බඩුමුට්ටු අරගෙන ඒ කොල්ලට දාහක් බලාපොරොත්තු දීල ඒකව මහා පාරට ඇදාල දාල වෙන කොල්ලෙක් එක්ක යනවා ,
ඊට පස්සේ අර කොල්ල හැමදාම අසරණ වෙලා දුක් විදිනවා ඒ වගේ දුක් විදින වෙලාවක අවංක කෙල්ලෙක් උගේ ජිවිතේට ආවත් ඌ බලන්නේ ඒ කෙල්ල දිහාත් අර අනිත් කෙල්ල ගැන බලපු ඇසින්මයි,
ඒ වගේම තමයි කොල්ලොත් කෙල්ලගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන අන්තිමේදී තමන්ගේ පහත් ආශාවන් සන්සිදුවාගෙන පස්සේදී ඒ කෙල්ලව ඇත ඇරලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යනවා.
නමුත් ඒ ගිහිල්ලත් අර අසරණ කෙල්ලට ඇගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ ඒක එකා එක්කල පහත් කතාවන් ඒ කෙල්ල ගැන කියවනවා.නමුත් එහෙම කියවන වෙලාවක ඌට නිකමටවත් මතක් වෙන්නේ නැතුව ඇති තමනුත් ගැහැනියෙක්ගේ කුස තුලින් මෙලොවට බිහිවුන බව.
මොකද මොහොතකටවත් එහෙම හිතෙනවනම් ඌ එහෙම කියන්නේ නැහැ කවදාවත්ම.......................
තමන්ට නොගැලපෙන ආදරයක් තමන් ඇතිකරගත්තනම් ඒ ආදරය අතහැරලා දමන්න දෙන්නගෙම කැමැත්තෙන්.
කවදාවත් කිසි කෙනෙකුට ගරහන්න යන්න එපා .
මොකද යම්කිසි දෙයක් දෙන්න අතර සිදුවුණානම් ඒ හැම දෙයම දෙන්නගේ කැමැත්තෙනුයි සිදුවුණේ.
ඒක නිසා කවදාවත් කෙනෙකුට ගරහන්න යන්න එපා,
එක එක අය එක්කල වැරදි කිය කියා තමන් නිදොස් වෙන්න හදන්න එපා.....................
අවංකව ඔබ ඔහුට හෝ ඇයට කළේ හදවතින්ම ආදරයක්නම්
කවදාවත් එහෙම දේවල් ඔබට කියන්න බැහැ.
හුදෙක් ඔබ ඔහු හෝ ඇයව රවටා තමන්ගේ ඕනා එපාකම් ඉටු කර ගැනීම සදහා ආදරය කළානම් අනිවාර්යෙන්ම ඔබ එහෙම කියනවා නිසැකයි .......
ඇත්තටම ආදරේ කියන්නේ
මේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමක්ම පමණද ?
සිතන්න මොහොතක් ඔබ කරණ මේ ආදරය ඇත්ත අවංක ආදරයක්ද කියලා ......