Pages

Tuesday, November 13, 2012

දීපාවලි සුබ පැතුම් !!!!!

මුලින්ම සියලුම දෙනාට කිසිම ආගම් බේදයකින් තොරව සැමටම සුබම සුබ දීපාවලී දිනයක් වේවා කියල එක හිතින්ම  ප්‍රාර්ථනා කරනවා!!!!!!!!

                          

පොඩ්ඩක් මමත් බැලුවා මොකද්ද මේ දීපාවලි, දීපවාලි ,දිවාලි කියලා එක එක නම්වලින් මිනිසුන් සමරන්නේ මොකද්ද කියලා (මට වෙන වැඩ නැහැ කියල හිතන්න එපා හොදේ )

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් ක්‍රිෂ්ණා දෙවිඳුන් පිදීම මූලික කරගනිමින් දීපවාලි උත්සවය සමරනු ලබයි.,ඇත්තටම ඔවුන් මේ කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් වන්දනාමාන කිරීමක් කියල තමයි මම අහපු වෙලාවේ මගේ යාළුවෙක් කිව්වේ .
  
    "අධර්මය පරදවා ධර්මය ජයගැනීම" සංඛේතවත් කරමින් පහන් දල්වා දීපවාලී දිනය සමරන බවද ඔහු මට පැවසුවා ...

නමුත්  තවත් අදහසක් මම දැක්ක මගේ සහෝදරයෙකුගේ බ්ලොග් අඩවියක මෙන්න මෙහෙමත් තිබුණා....

   දීපවාලි (Deepavali)

මේ උත්සවයේදී උත්සවදිනයට සතියකට පෙර තමා සූදානම් වීම ආරම්භ වෙන්නේ. රසකැවිලි සාදනවා. ගෙවල් සුද්ධ පවිත්‍ර කරල පාට කරනවා. අලුත් ඇඳුම් ගන්නවා. උත්සව දවසේදී උදේම නැගිටල "මන්තනීර්" නමින් හැඳින්වෙන කෝවිලෙන් ගෙනෙන තෙල් වර්ගයක් හිසේ, උරහිසේ, පිට අත්ලේ, පපුවේ, දණහිසේ වාගේම කකුලේ පිට පැත්තේත් ආලේප කරනවා.

ඊට පස්සේ "සියකා" නමින් හැඳින්වෙන පවුඩර් වර්ගයක් හිසට දමනවා. පස්සේ සබන් ගාල නානවා. මේ පවුඩර් වර්ගය ඉන්දියාවෙන් තමා ගෙන්වන්නේ. ඊට පස්සේ හිරු වන්දනාව කරල හිස පිහදාල නිවෙස් තුලට යනවා. පසුව තමාගේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් ඇඳගෙන දෙවියන් ඉදිරියේ තමන් ගෙනා අලුත් ඇඳුම් තියනවා. ඊට පස්සේ කහ දියර හදල ඒවා ඇඳුම් වල තැනින් තැන තවරනවා. දෙවියන්ට පූජා පවත්වලා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා.  පස්සේ රතිඤ්ඤා, නිලා සහ අහස්කූරු පත්තු කරනවා. මේ සියල්ල උදය වරුව තුලදී තමා සිද්ධ වෙන්නේ.

දවල් කෑම කාල රසකැවිලි වර්ග වලත් රස බලනවා. ඊට පස්සේ යාබද නිවෙස් වලට රසකැවිලි පිඟන් දෙනවා. ඒ නිවැසියනුත් දෙමළ අය නම් ඒ අයත් රසකැවිලි පිඟන් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ දවසම විනෝදෙන් තමා.

දීපවාලි දිනය ඔවුන් සමරන්නේ, එකල රජකම් කල "සූරන්" නැමැති දුෂ්ඨ රජෙකුගේ මරණයේ සතුට සැමරීමටයි.


  කව්රු මොනවා කිව්වත් මේකත් එක්තරා ආකාරයක මානව වර්ගයාගේ දයාව ,කරුණාව ,සහයෝගිත්වය පිළිබිබු වන තවත් එක් අවස්ථාවකි මටනම් හිතෙන විදියට  ............
















                        ඔයාල හැමදෙනාටම සුබම සුබ දීපාවලි දිනයක් වේවා !!!!!!!!!!!!!!!!!!!!!                                                                      

Friday, November 2, 2012

මේකද අවංක ආදරය .......?


අද මට ටිකක් හිතට හරි නැහැ ,මොකද මගේ හොදම යාළුවෙක් අද දුකෙන් ,එයා එක්ක කථා ලාට පස්සේදී මගේ හිතට දැනුන දේ මම මේ   ලියන්නේ,
 සමහරවිට මම හරිද වැරදිද කියල මම දන්නේ නැහැ.නමුත් 
මට දැනෙන ඇත්ත යථාර්තය මේක යි.මහම මහා පුදුම මිනිස්සු ඉන්න ලෝකෙකයි  අපි ජිවත් වෙන්නේ .
කොල්ලෝ කෙල්ලෝ එක්ක යාළුවෙලා තමන්ගේ ඕනා එපාකම් ඉටු කරගෙන ඒ කෙල්ලව අතරමං කරලා දාලා යනවා.
 තව තැනක කෙල්ල කොල්ල එක්ක යාළුවෙලා කොල්ලගෙන් ගන්න පුළුවන් තරමක් සල්ලි බාගේ ,බඩුමුට්ටු අරගෙන ඒ කොල්ලට දාහක් බලාපොරොත්තු දීල ඒකව මහා පාරට ඇදාල දාල වෙන කොල්ලෙක් එක්ක යනවා ,
ඊට පස්සේ අර කොල්ල හැමදාම අසරණ වෙලා දුක් විදිනවා ඒ වගේ දුක් විදින වෙලාවක අවංක කෙල්ලෙක් උගේ ජිවිතේට ආවත් ඌ බලන්නේ ඒ කෙල්ල දිහාත් අර අනිත් කෙල්ල ගැන බලපු ඇසින්මයි,

ඒ වගේම තමයි කොල්ලොත් කෙල්ලගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරගෙන අන්තිමේදී තමන්ගේ පහත් ආශාවන් සන්සිදුවාගෙන පස්සේදී ඒ කෙල්ලව  ඇත ඇරලා දාලා වෙන කෙල්ලෙක් එක්ක යනවා.
 නමුත් ඒ ගිහිල්ලත් අර අසරණ කෙල්ලට ඇගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ ඒක එකා එක්කල පහත් කතාවන් ඒ කෙල්ල ගැන කියවනවා.නමුත් එහෙම කියවන වෙලාවක ඌට නිකමටවත් මතක් වෙන්නේ නැතුව ඇති තමනුත් ගැහැනියෙක්ගේ කුස තුලින් මෙලොවට බිහිවුන බව.
මොකද  මොහොතකටවත් එහෙම හිතෙනවනම් ඌ එහෙම කියන්නේ නැහැ කවදාවත්ම.......................
තමන්ට නොගැලපෙන ආදරයක් තමන් ඇතිකරගත්තනම් ඒ ආදරය අතහැරලා දමන්න දෙන්නගෙම කැමැත්තෙන්.
  කවදාවත් කිසි කෙනෙකුට ගරහන්න යන්න එපා .
 මොකද යම්කිසි දෙයක් දෙන්න අතර සිදුවුණානම් ඒ හැම දෙයම දෙන්නගේ කැමැත්තෙනුයි සිදුවුණේ.
ඒක නිසා කවදාවත් කෙනෙකුට ගරහන්න යන්න එපා,
එක එක අය එක්කල වැරදි කිය කියා තමන් නිදොස් වෙන්න හදන්න එපා.....................
අවංකව ඔබ ඔහුට හෝ ඇයට කළේ හදවතින්ම ආදරයක්නම්   
කවදාවත් එහෙම දේවල් ඔබට කියන්න බැහැ.
හුදෙක් ඔබ ඔහු හෝ ඇයව රවටා තමන්ගේ ඕනා එපාකම් ඉටු කර ගැනීම සදහා ආදරය කළානම් අනිවාර්යෙන්ම ඔබ එහෙම කියනවා නිසැකයි .......
 ඇත්තටම ආදරේ කියන්නේ 
මේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමක්ම පමණද ?
සිතන්න මොහොතක් ඔබ කරණ මේ ආදරය ඇත්ත අවංක ආදරයක්ද කියලා ......
Twitter Bird Gadget