Pages

Sunday, October 14, 2012

ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ ඇයි?



ගොඩ දවසකට පස්සේ බ්ලොග් එක පැත්තට ආපු එකේ මට හිතුණා ඇත්තටම පොඩි දෙයක් ගැන විමසා බලන්න........


ඇත්තටම අද අපේ සමාජයේ ආදරේ නොකරන කෙනෙක් නැහැ ,නමුත් අපි මේ කරන ආදරේ ඇත්තටම අපි කරනවද ?.ඇයි මේ ආදරේ කරන අය ගොඩක්ම දුක් විදින්නේ?



ආදරේට ආදරේ කරන්න අපි ඉගෙන ගන්න ඕන ...අනික අපි ආදරේ කරන්න ඕන ආදරේ කියන එක තේරුම් අරගෙන ,මොකද එහෙම තේරුම් අරන් කරන ආදරයකදී මම දකින විදියට දුකක් ඇතිවන එකක්වත් ආදරේ නිසා ජිවිතේ අපායක් වෙන එකක්වත් නැති වෙයි  මොකද දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ආදරේ කරලා යම් හෙයකින් ඒ ආදරේ  නැති උණත් මහා ලොකු කම්පනයක් අපට ඇති වන්නේ නැහැ මන්ද අපි ආදරේ කියන එක තේරුම් අරගෙන ඉන්න නිසා...මම දකින විදියට ආදරේ කියන්නේ සුන්දර මල් උයනක්‌ නෙවෙයි ,ඒ වගේම ආදරේ කියන්නේ විස කටු පිරුන අපායකුත් නෙවෙයි .

ආදරේ හරියට කාන්තාරයකට වැටෙන පොද වැස්සක් වගෙයි .ආදරේට ගොඩක් දේවල් කරන්න පුළුවන් .ඒත් ඒකටත් යම්කිසි ක්‍රමයක් තියනවා

දැන් බලන්න අපි විභාගයකදී ප්‍රශ්ණ පත්තරයකට  උත්තර අපි මොනතරම් හොදට පාඩම් කරලා ගියත් උත්තරේ හරියට ගලපලා ලියන්න බැරි උනොත් අපිට මොකද වෙන්නේ ,ලකුණු ලැබෙන්නේ නැහැ නේද .ලකුණු ලබාගන්න නම් ඒක ලස්සනට ගලපලා බලන කෙනාගේ හිත ඇදිලා යන විදියට ලියන්න ඕන..... අන්න ඒ  වගේ තමයි මම දකින විදියටත් ආදරේදීත්  කරන්න වෙන්නේ .

තමන් ආදරේ  කරණ කෙනා මොන විදියේ කෙනෙක් උණත් එයාව තමන්ට ඕන විදියට වෙනස් කරගන්න ඕන ,නමුත් එහෙම වෙනස් කරගන්නවා කියලා එක පාරටම ගහල බැනල වෙනස් කරගන්න යන්න එපා .එයාට දැනෙන විදියට එයාගේ හිත ටිකෙන් ටික පිළිවෙලට වෙනස් කරන්න ක්‍රමවත්ව .ඒකත් අර විභාග ප්‍රශ්නයට උත්තර ලිව්ව විදියට  පිළිවෙලට ලස්සනට ටිකෙන් ටික කරන්න,කලබල වෙන්න යන්න එපා .

                                                                                                        

 

මම හිතනවා  එහෙම උනොත් ජිවිතේ ලස්සනට දුකක් කරදරයක් නැතිව ආදර ජීවිතය අපායක් නොකරගෙන ජීවත්වෙන්න පුළුවන් වෙයි කියලා නමුත් මේ හැම දෙයම කරන්නට කළින් ආදරේට ආදරේ කරලා ඉන්න .............................

 මේ විදියට ජිවිතේ විදින්න පුළුවන් වෙයි කියල හිතනවානම්  ඔයාගේ අදහසත් පහලින් අකුරු කරලා යන්න හොදේ ,කාටත් ජය වේවා !!!!!!!!!

ගොඩක් දවසකට පස්සේ ,,,,,,,,



මේ දවස්වල වැඩ ගොඩක් වැඩි නිසා බ්ලොග් එක පැත්තේ එන්න කිසිම වෙලාවක් ලැබුනේ නැහැ ,
අදත් මේ පොඩි නිවාඩුවක් ලැබුණ ,මොකද  කොල්ලගේ අත පොඩ්ඩක් කැපුනා වැඩ කරද්දී ,ඉතින්
දැන් නිවාඩු ,නිකන්ම ඉන්න නිසා බ්ලොග් එක පැත්තේ එන්න හිතුණා..........ඉස්සෙල්ලම ඔන්න
කොල්ලගේ අත බලලම ඉන්නකෝ ...මේ තියෙන්නේ කොල්ලගේ අත බැන්ඩේජ්  කරලා ........




Twitter Bird Gadget